Posts

visualino rgb

Image
  ආර් ජී බී එල් ඊ ඩී තනි පැකේජයකින් පැමිනෙන වර්ණ තුනකින් දැල්වෙන මෙම එල් ඊ ඩී බල්බ ඔබ දැනටමත් දැක ඇති . මෙම බල්බ වර්ග දෙකකින් පැමිණේ .එනම් පොදු ඇනොඩ් සහ පොදු කැතෝඩ් වශයෙනි .ඒවායේ විදුලිය සැපයිය යුතු ආකාරය පහත පරිදි වේ . මෙහි වර්ණ තුන මාරුවෙන් මාරුවට දල්වා ගත හැකි සටහනක් අපි දැන් සලකා බලමු.. ඉහත පරිපත සටහනට අනුව බල්බයේ පොදු කැතෝඩ් අග්‍රය රින විදුලියට සම්භන්ද වන අතර ඉතිරි අග්‍ර පිලිවෙලින් 3,5, සහ 6 යන අග්‍ර වලට සම්භන්ද වේ . බ්ලොකි සටහන
Image
ෆ්ලෝ කෝඩ් හැදින්වීම  මයික්‍රෝකොන්ට්‍රෝලර ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ බොහෝ දෙන අතර ජනප්‍රිය උපාංගයකි .කලකට පෙර ඉතා විශාල හා සංකීර්ණ වූ පරිපත මේ නිසා බොහෝ සරල වෙමින් පවතී .නමුත් විෂය සංකීර්ණ වී තිබෙන්නේ ක්‍රම ලේඛනය නිසාය .ක්‍රම ලේඛනය කිරීමට ඇසෙම්බලර් හෝ සී ජාවා පය්තන් වැනි උසස් භාෂාවක් ඉගෙනීම කල් ගත වන ක්‍රියාවකි .තවද ව්‍යුහගත ක්‍රමලේඛනය සහ වැරදි සෙවීම (ඩීබගින් ) නවකයෙකුට කරදර කාරී ක්‍රියාවකි .                                                                               නමුත් වාසනාවකට මෙවැනි ක්‍රම මග හැර ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ඔබගේ ප්‍රොජෙක්ට් එක නිම කරවා ගැනීමට මැට්‍රික්ස් මල්ටි මීඩියා නම් සමගම විසින් ගැලීම් සටහන් (ෆ්ලෝ චාර්ට් ) එකක් ආධාරයෙන් කෙලින්ම ඔබගේ කෝඩ් එක මයික්‍රෝකොන්ට්‍රෝලරයට  ලබා ගත හැකි වැඩ සටහනක් ඉදිරි පත් කොට ඇත .මෙය ෆ්ලෝ කෝඩ් නම් වේ .මෙම මෘදුකාංගය මගින් පික් , ඒ .වී . ආර් ...

visualino - 01

Image
  විසුවලීනෝ  ගූගල් බ්ලොකි තාක්ෂනය යොදාගෙන නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය මගින් ඔබට ආර්ඩීනෝ   ක්‍රමලේකන කිරීමෙන් තොරව ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය ව්‍යාපෘතිය නිර්මාණය කර ගත හැකි ආකාරය විමසා බලමු . මුලින්ම දී ඇති ලින්ක් එක මගින් මෙම මෘදු කාංගය ස්ථාපිත කර ගන්න (ආර්නෝඩී මෘදු කාංගයද  ස්ථාපිත කර තිබිය යුතුය  .විවෘත කර ගත පසු ඉහත ආකාරයේ වින්ඩෝවක් දැක ගත හැක .මෙය භාවිතා කිරීමට ප්‍රථමව File > Preferences මගින් ආර්ඩීනෝ අයි.ඩී .ඊ එක ඇති ස්ථානය තොර දිය යුතුවේ . නිවෙන දැල්වෙන එල්.ඊ.ඩී මෙම ව්‍යාපෘතිය මගින් ඔබට නිවෙන දැල්වෙන එල්.ඊ.ඩී එකක් නිර්මාණය කර ගැනීමට ඉගන ගත හැකි වන අතර අපි මෙහිදී බෝර්ඩ් එක මත ඇති එල් ඊ ඩී එකම භාවිතා කරමු .මෘදුකාංගය විවෘත කර ගත් විට ඔබට මෙලෙස බ්ලෑන්ක් ප්‍රෝග්‍රෑම් බ්ලොක් එකක් ලැබේ .දැන් අපි මෙයට අවශ්‍ය එල් ඊ ඩී පින් එක ඇතුල් කර ගනිමු . ඉන් පසු පින් ෆන්ෂන් මගින් ඩිජිටල් රයිට් පින් බ්ලොක් එක තොරා ගන්න .බෝර්ඩ් එක මත ඇති එල් ඊ ඩී එක සම්භන්ද වී ඇත්තේ පින් අංක දහ තුනටය ඉන් පසු එම බ්ලොක් එක ඩ්රැග් කොට මේන් ලුප් එක මතට ඩ්‍රොප් කරන්න මැත් > නම්බර් මග...

pic assembler eeprom

Image
                                             ඊප්රොම් ( E.E.P.R.O.M ) PIC16F84A ඔබට බයිට් හැට හතරක ස්ථීර මතකයක් ලබා දේ. මෙම මතකය තුලට ලියන දෑ විදුලිය විසන්දි වූ විටකදී පවා නැතිව නොයන අතර මෙහි දත්ත අවුරුදු හතළිහක් පමණ නොමැකී පවතින බව නිෂ්පාදකයාගේ දත්ත සටහන පවසයි. ඊප්රොම් මතකය ලිවීම සෘජුව කල නොහැකි අතර ඒ සඳහා වක්‍රීය ක්‍රමයක් භාවිතා කල යුතුය. මෙම කිරීම සඳහා රෙජිස්ටර් හතරක් භාවිතා වේ. ඒවා නම්..   EEADR   EEDATA   EECON 1  EECON 2 ඔබට ලිවීමට අවශ්‍ය දත්තය EEDATA රෙජිස්ටරයටද ඔබට ලිවීමට අවශ්‍ය ඇඩ් රස් එක EEADR රෙජිස්ටරයටද ලිවීමෙන් පසු WREN බිට් එක සෙට් කිරීමෙන් දත්ත ලිවීම සක්‍රීය කරයි.ඉන් අමතරව 0X55 , 0XAA යන අගයන් EECON2 රෙජිස්ටරයට ලිවීම අත්‍යවශ්‍ය බව නිෂ්පාදකය පවසයි.මෙසේ කරන්නේ යම් දෝෂයක් නිසා ඊප්රොම් ඉබේ ලිවීම වලකා ගැනීමටය. ඉන් පසුව WR බිට් එක සෙට් කිරීමෙන් ඊප්රොම් ලියවීම ආරම්භ වන අතර ලියවී ඉවර වූ වහාම බිට් එක ක්ලියර් වන බැවින් එය පරීක්ෂා කිර...

seven segment display with pic assembler part - 02

Image
                                        ඩිජිට් හතර ඉවෙන්ට් කවුන්ටරය මුල් කවුන්ටරයේ ලක්ෂණ දක්වන මෙහි වෙනසකට තිඛෙන්නේ ඉලක්කම් හතරක සංඛ්‍යාවක් 0000 සිට 9999 දක්වා ප්‍රදර්ශනය කළ හැකි වීමයි. මෙහිදී අප විසින් පාවිච්චි කරන්නේ මල්ටි ප්ලෙක්ස් ස්කෑනින් නම් ක්‍රමයයි. මෙහිදී වරින් වර එක සේග්මන්ට් බැගින් සෙලෙක්ට් කරමින් එයට අදාල පැටන් එක පොර්ට් බී හරහා ලබාදෙයි . මෙය ප්‍රමානවත් වේගයකින් පවත්වාගෙන යන කල විට ග්මන්ට් හතරම ම දැල්වී ඇති සේ පෙනේ. මුල් කවුන්ටරයේ හා මෙහි වෙනසකට තිඛෙන්නේ    10 0 10 1 10 2 10 3   යන ස්ථාන වලට පිළිවෙලින් කවුන්ටර් හතරක් යොදා තිබීමයි.තවද මෙහිදි අප විසින් ප්‍රදාන අග්‍රය වශයෙන් පෝට් බී සීරෝ බිට් එක යොදා ගනී. ආර් .බී සීරෝ අතුරු බිඳුම සක්‍රීය කර එමගින් ප්‍රදාන ස්පන්දය ලබා දීමට සලසා ඇත . සාමාන්‍ය ප්‍රදානයක් වෙනුවට අතුරු බිඳුමක් හරහා ප්‍රදානයක් ලබා ගන්නේ ගන්නේ ඇයි ?? මෙම ඛේතයේ තනි සෙග්මනට් ...

microc for pic

Image
                                   උසස් භාෂා ( HIGH LEVEL LANGUAGES)                                       අප සාමාන්‍යයෙන් මයික්‍රෝ කොන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීමට භාවිතා කරන ඇසෙම්බ්ලෙර් පහල මට්ටමේ භාෂාවක් සේ සැලකේ. නමුත් පහල මට්ටමේ භාෂාවකින් ඛේත ලිවීමේදී ක්‍රමලේඛණයට අවශ්‍ය පරිදි ඛේතය හැසිරවීමට ඉඩ ලැබේ. නමුත් ලිවීමේ පහසුව දෝශ සොයා ගැනීමේ පහසුව ආදී කරුණු රැසක් නිසා ඉහළ මට්ටමේ භාෂා ජනප්‍රිය වෙමින් පවතී. මයික්‍රෝ කොන්ට්‍රෝලර් සඳහා සැලසූ ඉහල මට්ටමේ භාෂා රැසකි. ඒවා සී , බේසික් ,පැස්කල් යන භාෂා ඇසුරින් දියූණු කර තිබේ. මෙම ග්‍රන්ථයෙන් ඔබට වඩා ජනප්‍රිය සී භාෂාවෙන් මයික්‍රෝ කොන්ට්‍රෝලර් ක්‍රමලේඛණය කරන ආකාරය ගැන අදහසක් ලබා දීමට බලාපොරොත්තු වෙමි. සී භාෂාව ගත් කල මයික්‍රෝ කොන්ට්‍රෝලර් සඳහා දියුණූ කල සී වර්ග කීපයකි. MI C ROC , PIC C, HI-TECH C, CCS C ඒවායින් කිහිපයකි. මෙම පාඩමින්  ඔබට ඉගැනීමට වඩා පහ...