visualino - 01
විසුවලීනෝ
ගූගල් බ්ලොකි තාක්ෂනය යොදාගෙන නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය මගින් ඔබට ආර්ඩීනෝ ක්‍රමලේකන කිරීමෙන් තොරව ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය ව්‍යාපෘතිය නිර්මාණය කර ගත හැකි ආකාරය විමසා බලමු .
මුලින්ම දී ඇති ලින්ක් එක මගින් මෙම මෘදු කාංගය ස්ථාපිත කර ගන්න (ආර්නෝඩී මෘදු කාංගයද ස්ථාපිත කර තිබිය යුතුය .විවෘත කර ගත පසු ඉහත ආකාරයේ වින්ඩෝවක් දැක ගත හැක .මෙය භාවිතා කිරීමට ප්‍රථමව File > Preferences මගින් ආර්ඩීනෝ අයි.ඩී .ඊ එක ඇති ස්ථානය තොර දිය යුතුවේ .
නිවෙන දැල්වෙන එල්.ඊ.ඩී
මෙම ව්‍යාපෘතිය මගින් ඔබට නිවෙන දැල්වෙන එල්.ඊ.ඩී එකක් නිර්මාණය කර ගැනීමට ඉගන ගත හැකි වන අතර අපි මෙහිදී බෝර්ඩ් එක මත ඇති එල් ඊ ඩී එකම භාවිතා කරමු .මෘදුකාංගය විවෘත කර ගත් විට ඔබට මෙලෙස බ්ලෑන්ක් ප්‍රෝග්‍රෑම් බ්ලොක් එකක් ලැබේ .දැන් අපි මෙයට අවශ්‍ය එල් ඊ ඩී පින් එක ඇතුල් කර ගනිමු .
ඉන් පසු පින් ෆන්ෂන් මගින් ඩිජිටල් රයිට් පින් බ්ලොක් එක තොරා ගන්න .බෝර්ඩ් එක මත ඇති එල් ඊ ඩී එක සම්භන්ද වී ඇත්තේ පින් අංක දහ තුනටය
ඉන් පසු එම බ්ලොක් එක ඩ්රැග් කොට මේන් ලුප් එක මතට ඩ්‍රොප් කරන්න
මැත් > නම්බර් මගින් ඔබට අවශ්‍ය අගය පින් එකට ලබා දෙන්න (උදාහරණ දහ තුන )
එල් ඊ ඩී එක දැල්වීම සදහා ලොජික් ස්ටේට් එක හයි ලෙස සකසන්න
කොන්ට්‍රෝල් > වේට් මගින් ඔබට අවශ්‍ය කාල පමාව ලබා දෙන්න (උදාහරණ මිලි තත්පර දාහක් )
ඉන් පසු නැවත එල් ඊ ඩී එක නිවීම සදහා නැවත පින් බ්ලොක් එකක් ලබා ගෙන ( කලින් පින් බ්ලොක් එක මත රයිට් ක්ලික් කොට ලැබෙන මෙනු එකෙන් ඩුප්ලිකේට් සිලෙක්ට් කිරීම මගින්ද කල හැක) එහි ලොජික් ස්ටේට් එක ලෝ ලෙස සකසන්න.මෙයට පසු නැවත කල පමාව සදහා ඩිලේ බ්ලොක් එකක් ඇතුල් කරන්න )
software downloads http://www.visualino.net/downloads/
Comments
Post a Comment