plc tutorial sinhala

 

පී එල් සී ක්‍රමලේකනය

කාර්මික විප්ලවටත් සමග බහුල වූ යන්ත්‍ර සුත්‍ර විදුලියේ සුලභ වීමත් සමග නව ජවයක් හා වේගය ලබමින් ඉදිරියට ඇදෙන්නට විය .එකල වූ සරල විදුලි පරිපත යන්ත්‍ර වල සංකීර්ණතාවය වැඩි වීමත් සමග ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ වන්නට විය .ක්‍රමයෙන් විශාල රැහැන් සහ විදුලි උපාංග  සහිත කැබිනෙට්ටු බවට පත්වූ මෙම පරිපත වල සුළු හෝ වෙනස් කිරීමක් කිරීම අසීරු සහ කාලය ගත වන ක්‍රියාවක් විය .

 

 


විදුලි උපාංග  සහිත කැබිනෙට්ටුවක්

 

මෙම අපහසුතාවයන් මගහැරීම සදහා නව උපකරණයක අවශ්‍යතාවය තදින්ම දැනුන අතර මයික්‍රෝප්‍රොසෙසරය  එලි දක්වා නොබෝ කලක් ගතවී නොතිබුන බැවින් අලුත් නිර්මාණය සදහා එහි උදව් ලබා ගත හැකි බව නිර්මාපකයන් තීරණය කර තිබිණි .මෙහි ඇතුලත් විය යුතු ගුනාන්ග වශයෙන් ප්‍රධානකොටම යම්කිසි ක්‍රම ලේකනයක් ආධාරයෙන් ක්‍රියාකාරීත්වය වෙනස් කල හැකි විය යුතු බව මුල සිටම තීරණය කොට තිබිණි ..මෙම කරුණ සහ කුඩා ප්‍රමාණය , අඩු විදුලි පිරිවැය රළු පරිසරයක භාවිතා කල හැකි බව ආදී කරුණුද කැටි කොට මුල් වරට MODICON 084 නමින් පී එල් සී (ප්‍රෝග්‍රෑමබල් ලොජික් කන්ට්‍රෝලර් ) උපකරනයක්  1968 දී ඩික් මොර්ලි නමැත්ත විසින් නිපදවන ලදී .





ඩික් මොර්ලි

මෙලෙස යන්ත්‍ර ස්ව්‍යංක්‍රීයකරණයට එක්වූ පී.එල්.සී උපකරණය අද වන විට විශාල වෙනස් කම් රැසකට භාජනය වී ඇති අතර ජවය , වේගය සහ පර්යන්ත උපාංග අතින් මුල් යන්ත්‍රයට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. අපි මෙම යන්ත්‍ර ගැන ඉගෙනීමට සුදානම් වෙමු ..



 පී.එල්.සී යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය   

පී.එල්.සී යන්ත්‍රයක ක්‍රියාකාරී මුලධර්මය ස්කෑනින් ඇන්ඩ් එක්සිකියුටින්ග් යනුවෙන් හැදින්වේ. මෙම ක්‍රමය පියවරවල් තුනකින් සමන්විත වේ.  

1.     ලැඩර් එකේ කියවෙන පරිදි ඉන්පුට් සියල්ල පරීක්ෂා කර බැලීම .

2.     ලැඩර් එකේ කියවෙන පරිදි අවශ්‍ය තර්ක තත්ත්ව පරීක්ෂාව සහ තර්ක ක්‍රියාවලි

3.     ලැඩර් එකේ කියවෙන පරිදි අවුට් පුට් ලබා දීම 





පී එල් සී උපකරණයක ක්‍රියාකාරී කොටස්

පී එල් සී උපකරණය යම් ආකාරයක පරිඝනකයකි .එම නිසා සාමාන්‍ය පරිඝනක පද්දති වල ඇති පරිදි මයික්‍රෝ ප්‍රොසෙසරයක් රොම් එකක් සහ රැම් යනාදිය මෙහි පවතී .මීට අමතරව ඉන්පුට් සහ අවුට් පුට් සදහා ඔප්ටෝ කප්ලර් සහ විශේෂ රිලේ පද්ධතියක් ඇතුළු කර ඇත .




මෙහි ප්‍රධාන කොටස් නම් වශයෙන් ගත කල

·       මධ්‍ය සැකසුම් ඒකකය

·       මෙමරි

·       ජව සැපයුම

·       ප්‍රදාන ඒකකය

·       ප්‍රතිදාන ඒකකය

 

මධ්‍ය සැකසුම් ඒකකය

මේ සදහා  බොහෝ විට 32 බිට් මයික්‍රෝ කොන්ට්‍රොලර් එකක් යොදා ගැනේ . පී.එල්.සී උපකරණයේ ක්‍රියාකාරී හදවත වන මෙයින් උපකරණයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සිදුවේ .මෙහිදී සැලකිය යුතු කරුණක් නම් සමහර විට ඔබ භාවිතා කරන පී.එල්.සී උපකරණයේ තත්වය මීට වඩා වෙනස් විය හැකි වීමය.ඒ සදහා භාවිතා කරන පී.එල්.සී උපකරණයේ දත්ත සටහන් පරීක්ෂා කරන්න. 32 බිට් මයික්‍රෝ කොන්ට්‍රොලර් එකක් සහිත පී.එල්.සී එකක මෙමරි ලොකේෂන්  එකක දල  ආකාරය පහත දැක්වේ . මෙහි බින්දුවේ සිට තිස් එක දක්වා බිට් තිස් දෙකක් පවතී .

 





මෙමරි

බොහෝ විට ෆ්ලෑෂ් තාක්ෂණයෙන් නිර්මාණය වී ඇති මෙයින් කොටසක පී එල් සී උපකරණයේ ඔපෙරටින්ග් සිස්ටම් එක සහ ඔබ විසින් සකසන ලැඩර් ඩයග්‍රෑම් එක රදවා ගෙන සිටී . මෙම මෙමරි කොටස විදුලි සැපයුම අවශ්‍ය නොවන වර්ගයේ මෙමරි කොටසකි (නන් වොලටයිල්).මීට අමතරව ටයිමර් , කවුන්ටර් වල අගයන් ෆලෑග් අගයන් ආදීය තවත් කොටසක සටහන් වේ .මෙම කොටස  විදුලිය විසන්ඳි වීමත් සමගම අහෝසි වී යයි.

 

ජව සැපයුම

මුලික විදුලියෙන් ලබා ගන්නා 230 වෝල්ට් විදුලිය අභන්තර  පරිපත ක්‍රියාකාරීත්වයට අවශ්‍ය 5 , 12 , 24  ආදී අගයනට අඩු කර අවශ්‍ය උප පද්දති වෙත ලබා දීම මෙම කොටස මගින් සිදු වේ .

 

ප්‍රදාන ඒකකය

පී එල් සී උපකරණය තුලට සංඥා ලබා දීම මෙම කොටස මගින් සිදුවේ .ඔබ බාහිරින් සම්භන්ද කරන ස්විච් , සෙන්සර් ආදී උපකරණ සම්භන්ද වන්නේ මෙම කොටස තුලටය .බාහිර විදුලිය ඇතුලට ගමන් නොකිරීමටත්  සංඥා පමණක් ගමන් කිරීමටත් මෙම කොටස ඔප්ටෝ කප්ලර් මගින් වෙන් කර තිබේ .

 


 ප්‍රතිදාන ඒකකය

පී එල් සී උපකරණය මගින් පිටතට ලබා දෙන සංඥා මේ හරහා පාලනය වේ .මෙම කොටසද ඔප්ටෝ කප්ලර් මගින් වෙන් කර ඇති අතර ඔබගේ අවශ්‍ය තාවය පරිදී රිලේ , ට්‍රාන්සිස්ටර් හෝ ට්‍රයැක් වැනි ප්‍රතිදාන උපාංගයක් තොර ගත හැක .





CPM1A



අප විසින් හැදෑරීමට බලාපොරොත්තු වන ඕම්රෝන් සමාගමේ නිෂ්පාදිත CPM1A නම් පී එල් සී උපකරනයේ පිරිවිතරයන්  පහත පරිදි වේ .

·         වෝල්ටීයතාවය             230

·         ප්‍රදාන සංඛ්‍යාව                12

·         ප්‍රතිදාන සංඛ්‍යාව               8

·        ටයිමර් ප්‍රමාණය            128

·         කවුන්ටර් ප්‍රමාණය        128

·        සීරියල් කොම්ස්                1


පී එල් සී මෙමරි මැප්






පී එල් සී උපකරණයේ මතකය ක්‍රියාකාරීත්වය අනුව කොටස් වලට බෙදා ඇති අතර සමහර කොටස් ඍජුවම ප්‍රදාන සහ ප්‍රතිදාන සමග ඈදා ඇත .ඒවායේ ක්‍රියාකාරීත්වය පහත  පරිදී වේ .

 

IR ප්‍රදේශය

මෙහි IR000 සිට IR009 දක්වා බිටු ඍජුවම ප්‍රදාන සමග බැදී පවතින අතර මෙහි IR010  සිට IR019 දක්වා බිටු ප්‍රතිදාන සමග බැදී පවතී . මෙහි IR200  සිට IR231 දක්වා බිටු වර්ක් බිට්ස් වන අතර ඒවා ඔබගේ අවශ්‍ය තාවයන් මත භාවිතා කල හැක .

 

SR ප්‍රදේශය

කන්ට්‍රෝල් බිට්ස් සහ ෆ්ලෑග් බිට්ස් වෙනුවෙන් වෙන් කල කලාපයකි. පී එල් සී ක්‍රියාකාරීත්වයේදී ඇති වන යම් යම් තත්වයන් මේවා පරීක්ෂා කිරීමෙන් විමසා ගත හැකිය

 

TR ප්‍රදේශය

සබ් රුටීන් ඇතිවීම් නැතිවීම් ගැන තොරතුරු ගබඩා කර ගනී .

 

HR ප්‍රදේශය

සමහර අවස්ථා වලදී විදුලිය විසන්දි වූ විටද යම් යම් තොරතුරු මතකයේ පවත්වාගෙන යෑමේ අවශ්‍ය තාවය පන නැගේ .එවන් අවස්ථා වලදී ඔබට HR ප්‍රදේශය භාවිතා කල හැක .මෙම මතක කොටස බැටරියක් හා සම්භන්ද කර ඇත .

 

AR ප්‍රදේශය

කන්ට්‍රෝල් බිට්ස් සහ ෆ්ලෑග් බිට්ස් වෙනුවෙන් වෙන් කල  තවත් කලාපයකි. පී එල් සී ක්‍රියාකාරීත්වයේදී ඇති වන යම් යම් තත්වයන් මේවා පරීක්ෂා කිරීමෙන් විමසා ගත හැකිය . මෙම මතක කොටසත් බැටරිය හා සම්භන්ද කර ඇත .

 

LR ප්‍රදේශය

තවත් පී එල් සී උපකරණයක් හා සම්භන්ද වීමේදී දත්ත සන්නිවේදනය මෙම කොටස හරහා සිදුවේ

 

ටයිමර් සහ කවුන්ටර් ප්‍රදේශය

ටයිමර් සහ කවුන්ටර් වල අගයන් සදහා වෙන් කර ඇත .

 

DM ප්‍රදේශය

පරිඝනකයක් හා සම්භන්ධ වීමට අවශ්‍ය සැකසීම් ගබඩා කර තැබීමට ප්‍රයෝජනවත් වේ .

 

මෙමරි කලාප වල බිටු පිහිටීම

ලැඩර් ඩයග්‍රෑම්

වැඩසටහන්ගත කළ හැකි පාලක සාමාන්‍යයයෙන් ක්‍රමලේකනය කරනු ලබන්නේ විදුලි පරිපථ සංකේතාත්මක නිරූපණයක් පමණක් වන ඉණිමඟ රූප සටහන්  (ලැඩර් ඩයග්‍රෑම්) මගිනි .මේවා විද්යුත් උපකරණවල සංකේතාත්මක සංකේතවලින්ම තැන ගත්ය් නිසා  විදුලි කාර්මිකයන් හට  පී එල් සී වැඩසටහන් පාලකයට මාරු වීමට මෙය පහසු විය. කිසි විටෙකත් පීඑල්සී දක්නට නොලැබූ විදුලි කාර්මිකයෙකුට පවා ලැඩර් ඩයග්‍රෑම් රූප සටහන තේරුම් ගත හැකිය. පීඑල්සී ක්‍රමලේකන භාෂා ගණනාවක් තිබුනද ලැඩර් ඩයග්‍රෑම් ඒවා අතාරි ප්‍රමුඛ වීමට හේතුව මෙයයි.

ලැඩර් ඩයග්‍රෑම් එකකින් නිරුපනය වන්නේ සිරස් අතට පිහිටුවන ලද රේඛා දෙකක් මැද සටහන් කර ඇති විදුලි පරිපථ සංකේත මගිනි .මේ සිරස් රේඛා බස් බාර් නමින් හදුන්වයි.මැදින් සටහන් කර ඇති සංඛේත උපදෙස් (ඉන්ස්ට්‍රක්ෂන්ස්) නම් වේ .



සරල ලැඩර් ඩයග්‍රෑම් එකක්

 මෙහිදී වම් පසින් ඇති ස්විචය ප්‍රදානය ( ඉන්පුට් ) වන අතර එහි ඇඩ්රස් එක 0.00 වශයෙන් සටහන් වී ඇත .මෙය අප සලකා බලන පීඑල්සී උපකරණයේ පළමු ඉන්පුට් එක වන බව ඔබට මතක ඇති .දකුණු පසින් ඇති රිලේ උපකරණය 10.00 අගය දරන අතර මෙයද අප සලකා බලන පීඑල්සී උපකරණයේ පළමු අවුට් පුට් එකයි.

 

නෝමලි ඕපන් සහ නෝමලි ක්ලෝස්

සාමාන්‍ය ස්විච් වල පරිදිම නෝමලි ඕපන් සහ නෝමලි ක්ලෝස් යන වර්ග දෙකෙන්ම ස්විච් පී.එල්.සී උපකරණය මගින් ලබා ගත හැක .






                                                               නෝමලි ඕපන් ස්විච් එකක්  


                                                             
                                                                නෝමලි ඕපන් ස්විච් එකක්    


                                                                         
රිලේ එකක්


CX ප්‍රෝග්‍රෑමර්

 

ඕම්රෝන්  පීඑල්සී සමග භාවිතා කිරීම් සදහා මෙම මෘදුකාංගය භාවිතා වේ .මෙය ඉන්ස්ටෝල් කර විවෘත කර ගත පසු පහත ආකාරයේ තිරයක් ලබා ගත හැක.



ඉන් පසුව ප්‍රොජෙක්ට් > නිව් ප්‍රොජෙක්ට් ආධාරයෙන් අලුත් ප්‍රොජෙක්ට් එකක් ලබා ගන්න . ඩිවයිස් ටයිප් ආධාරයෙන් පීඑල්සී එක වශයෙන් සිලෙක්ට් කර ගන්න .නෙට් වර්ක් ටයිප් එක සිස්මැක් වේ විය යුතුය .

ඩිවයිස් ටයිප් සෙටින් මෙනු එක ක්ලික් කර CPU මෙනු එක ලබා ගන්න .මෙහි CPU ටයිප් එක ටයිප් 20 විය යුතුය .ඉන්පසු සිස්මැක් වේ සෙටින් මෙනු එක ක්ලික් කර ටැබ් එක ක්ලික් කිරීම මගින් පීඑල්සී එක පරිඝනකය හා සම්භන්ද කිරීමට අවශ්‍ය සෙටින්ග්ස් සකසා ගත හැක .

 




දැන් ‘වර්ක් ඕන් ලයින්’ ක්ලික් කිරීම මගින් පීඑල්සී එක හා සම්භන්ධ විය හැක




බට්න් එකක් ප්‍රෙස් කරන විට රිලේ එකක් ඔන් වීමට ලැඩර් එකක් සකස් කරමු

 

පරිපත සටහන

 

පළමු රූප සටහනේ දැක්වෙන පරිදි ‘නිව් ක්න්ටැක්ට් ‘ ක්ලික් කර නෝමල් ඔපන් ක්න්ටැක්ට් එකක් ලබා ගන්න .ඉන් පසු එය සදහා පළමු ඉන්පුට් ටර්මිනල් එක වන 0.00 ඇඩ්රස් එක ලබා දෙන්න .ඉන් පසු අවුට් පුට් මත ක්ලික් කර නෝමල් ඔපන් රිලේ එකක් ලබා ගන්න . එය සදහා  පළමු අවුට් පුට් ටර්මිනල් එක වන 10.00 ඇඩ්රස් එක ලබා දෙන්න.ඉන්පුට් හොරිසොන්ටල් ලයින් එකක් මගින් ඒ දෙක සම්භන්ධ කර පරිපථය සම්පුර්ණ කර ගන්න .ඉන් පසු ලැඩර් එක කම්ප්යිල් කර පීඑල්සී එකට අප්ලෝඩ් කරන්න .

 

 











සෙල්ෆ් හෝල්ඩින්

සෙල්ෆ්  හෝල්ඩින්  ස්කෙච් එක සදහා 0.00 සහ 0.01 යන ඉන්පුට් දෙකම භාවිතා වෙන අතර අවුට් පුට් එක සදහා 10.00 යන රිලේ එක භාවිතා වේ .10.00  NO කන්ටැක්ට් එක සදහා ඉන්ටර්නල් මෙමරි බිට් එකක් භාවිතා කෙරේ




ටයිමර්

පරිපත තැනීමේදී කාලය ගණනය කිරීමට හෝ යම් කාලයක් ඉක්ම ගිය පසු යම් අවුට් පුට් එකක් ලබා ගැනීමට ටයිමර් අත්‍යවශ්‍ය වේ . පී.එල්.සී එක තුලින් ටයිමර් ෆන්ෂන් එක ලබා ගැනීම ටයිමර් ඉන්ස්ට්‍රක්ෂන් එක තුලින් කල හැක .මේ සදහා පහත රූපයෙහි දැක්වෙන පරිදි ‘නිව් පී.එල්.සී ඉන්ස්ට්‍රක්ෂන්’ සෙලෙක්ට් කර ඉන්ස්ට්‍රක්ෂන් එකක් ලබාගෙන එයට TIM 000 #100 ලෙස ලබා දෙන්න. මෙහිදී TIM යනු ටයිමර් විධානයයි. 000 යනු ටයිමර් අංකය වන අතර  #100 යනු ටයිමරයට ලබා දෙන අගයයි.නියම කාල අගය ලබා ගැනීමට මෙම අගය 0.1 වැඩි කල යුතුය .එනම් මෙහිදී කාලය තත්පර දහයක් වෙයි. TIM000 නමින් ලබා ගෙන ඇති NO මෙමරි බිට් එක ටයිමර් එක කාලය ඉකුත් වීමත් සමග ඔන් වන නිසා එය හරහා යොදා ඇති 10.00 රිලේ එක ඒ සමගම ඔන් වේ .






කවුන්ටර්

යම් කිසි සිදුවීමක් වන වාර ගණනක් (උදාහරනයක් වශයෙන් බොත්තමක් තද කරන) ගැන ගැනීමට කවුන්ටර් එකක් භාවිතා කරනු ලබයි. පෙර පරිදිම ඉන්ස්ට්‍රක්ෂන් එකක් ලබාගෙන එයට CNT 000 #050 වශයෙන් ලබා දෙන්න .මෙම නම් කිරීමේදී CNT 000 යනු පළමු කවුන්ටරය වන අතරම 50 යන අගය කවුන්ටරයේ සෙට් අගයයි.0.00 සහ 0.01 යන ස්විච් ඉන්පුට් දෙකක් කවුන්ටර් එකට ලබා දී ඇත .මෙයින් පළමු එක කවුන්ට් ඉන්පුට් එක වන අතර දෙවන එක රීසෙට් ඉන්පුට් එකයි.කවුන්ටර් එක මගින් ගනින අගය සෙට් අගයට සමාන වූ විට CNT 000  කන්ටැක්ට් එක හරහා යොදා ඇති 10.00 රිලේ එක ඕන වේ .




ඩිෆරන්ෂල් අප් සහ

 

ස්විචයක් වරක් තද කල විට පමණක් ලැබෙන ආකාරයේ අවුට් පුට් එකක් ලබා ගැනීමට මෙම ෆන්ෂන් එක ප්‍රයෝජනවත් වේ .මෙය යෙදීමෙන් පසු ඔබ කොපමණ ස්විචය තද කරගෙන සිටියන් මෙහි අවුට් පුට් එක ඕන් වී තිබෙන්නේ එක සයිකල් එකක් පමණකි.මෙම විධානයේ අවුට්පුට් එක 200.00 බිට් එකට ලබා දෙන අතර එය හරහා 10.00 පාලනය කර තිබේ .

 



ඩිෆරන්ෂල් අප් ඉන්පුට් එක සහ අවුට්පුට් එක



ඩිෆරන්ෂල් ඩවුන්

ස්විචයක් වරක් තද කොට අත හැරිය විට ලැබෙන ආකාරයේ අවුට් පුට් එකක් ලබා ගැනීමට මෙම ෆන්ෂන් එක ප්‍රයෝජනවත් වේ .මෙය යෙදීමෙන් පසු ඔබ කොපමණ ස්විචය තද කරගෙන සිටියන් මෙහි අවුට් පුට් එක ඕන් වී නොතිබෙන අතර ස්විචය අත හැරිය විට එක සයිකල් එකක් පමණක් ඔන් වී තිබේ .මෙම විධානයේ අවුට්පුට් එක 200.00 බිට් එකට ලබා දෙන අතර එය හරහා 10.00 පාලනය කර තිබේ .



 

ඩිෆරන්ෂල් ඩවුන් ඉන්පුට් එක සහ අවුට්පුට් එක







සෙට් රී සෙට්

මෙය බ්ලොක් දෙකකින් සමන්විත වන අතර පොදු මෙමරි බිට් එකක් භාවිතා කරයි.සෙට් ඉන්පුට් එක ඔන් කල විට (0.00) අවුට් පුට් එක (10.00) ඔන් වේ මෙය නැවත ඔෆ් කිරීමට නම් රි සෙට් ඉන්පුට් එක (0.01) ඔන් කල යුතුය .



කීප්

ක්‍රියාකාරීත්වය සෙට් රී සෙට් මෙන්ම වුවද මෙහි ඇත්තේ එක බ්ලොක් එකක් පමණකි .0.00 ඉන්පුට් එක සෙට් වන අතර 0.01 ඉන්පුට් එක රීසෙට් වෙයි .




මුව් 

මෙම විධානය මහින් අවශ්‍ය අගයක්  ඔබ විසින් නම් කරන මෙමරි ලොකේෂන් එකකට ලබා දීම සිදුවේ .මෙම උදාහරණයේ දැක්වෙන ආකාරයට 0.00 ඉන්පුට් එක ලබා දීමෙන් පසු  100 යන අගය 200 යන මෙමරි ලොකේෂන් එකට ලැබීම සිදුවේ .



කම්පෙයාර්

මෙමරි ලොකේෂන් දෙකක් සංසන්දනය කර ඒවායේ අගයන්  කුඩා , සමාන හෝ විශාලද  යන වග තීරණය කල හැකි බ්ලොක් එකකි.මෙම ලැඩර් එකේ දැක්වෙන ආකාරයට 0.00 යන බට්න් එක තද කිරීම මගින් 100 යන අගය 200 යන ලොකේෂන් එකටත්  0.01 යන බට්න් එක තද කිරීම මගින් 100 යන අගය 201 යන ලොකේෂන් එකටත් පැමිණේ.ඉන් අනතුරුව 0.02 යන බට්න් එක තද කිරීම මගින් 200 සහ  201  යන ලොකේෂන් සංසන්දනය වීමක් සිදු වන අතර අගයන් සමාන නිසා p_EQ යන ෆ්ලෑග් බිට් එක ඕන් වන අතර ඒ හරහා 10.00 යන රිලේ එක ඕන වේ .



ඉන්ටර්ලොක්

මෙම ෆන්ෂන් එක IL ( ඉන්ටර්ලොක් ) සහ ILC ( ඉන්ටර්ලොක් ක්ලියර් ) අතර ඇති කන්ටැක්ට්ස් සදහා මාස්ටර් කන්ට්‍රෝල් එකක් වශයෙන් භාවිතා කල හැක.එනම් 0.00 ස්විච් එක ඔන් කිරීමෙන් 10.00 , 10.01 , 10.02 යන තුනම එක වර ඔන්  කල හැකි අතර 0.00 ස්විච් එක ඔෆ් කිරීමෙන් 10.00 , 10.01 , 10.02 යන තුනම එක වර ඔෆ් කල හැක.



ශිෆ්ට්

ශිෆ්ට් විධානය ඉන්පුට් තුනක් සහිත විධානයකි.ඒවා නමි ඉන්පුට් ( I = 0.00 ) , පල්ස් ( P = 0.01 ) සහ රී සෙට් ( R  = 0.01 ) වේ .මෙහි ඉන්පුට් මත තර්ක තත්වයක් ඇති කර (ඕන් හෝ ඕෆ් ) පල්ස් ඉන්පුට් එක  ඕන් කර ඕෆ් කල විට එම තර්ක තත්වය 200.00  මෙමරි ලොකේෂන් එක හරහා  10.00 වලට ලැබේ.නැවත පල්ස් ඉන්පුට් එක  ඕන් කර ඕෆ් කල හොත් 200.01 හරහා  10.01 ආදී වශයෙන් බිට් 200.15 දක්වාම ශිෆ්ට් වීම සිදුවේ .




මෙතෙක් වේලා ලබා ගත් න්‍යායීක දැනුමෙන් යම් ප්‍රයෝගීක ව්‍යපෘති කීපයක් කිරීමට සලකා බලමු

 

පළමු අභ්‍යාස  ස්ව්‍යංක්‍රීය වාහන නැවතුම් පොළ

රුපයේ පරිදි වාහන ඇතුළු වීමට හා පිට වීමට දොරටු දෙකක් ඇත .ඇතුලත ඉඩ ඇත්තේ වාහන සියයකට පමණි .වාහන සදහා ඉඩ ඇති /නැති බව දැන්වීමට විදුලි පහනක් දැල්විය යුතුය .




දෙවන අභ්‍යාස  ස්ව්‍යංක්‍රීය ද්‍රව මිශ්‍රකය

පළමුව ස්විචය තද කල විට සොලොනොයිඩය (INLET VALVE ) විවෘත වී ටැංකිය පිරීම ආරම්භ වේ . ටැංකිය (LEVEL MATELRIAL B) සෙන්සරයේ මට්ටමට පිරුන විට පිරීම නැවතී මෝටරය (AGITATOR MOTOR)  කැරකී ද්‍රවය කැලතීම ආරම්භ විය යුතු අතර විනාඩි පහක් ඉක්ම ගිය පසු  මෝටරය (AGITATOR MOTOR)  නතරවී සොලොනොයිඩය (OUTLET VALVE )  විවෘත වී ටැංකිය හිස්වීම  ආරම්භ විය යුතුය . ටැංකිය සෙන්සරයේ (LEVEL MATELRIAL A) මට්ටමට හිස් වූ පසු නැවත පිරීම ආරම්භ විය යුතු අතර මෙය පස් වරක් සිදු වූ පසු මුළු ක්‍රියාවලියම නැවතී බල්බය දැල්විය යුතුය.

 



Comments

Popular posts from this blog

microc for pic

pic assembler eeprom