ෆ්ලෝ කෝඩ් හැදින්වීම
මයික්‍රෝකොන්ට්‍රෝලර ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ බොහෝ දෙන අතර ජනප්‍රිය උපාංගයකි .කලකට පෙර ඉතා විශාල හා සංකීර්ණ වූ පරිපත මේ නිසා බොහෝ සරල වෙමින් පවතී .නමුත් විෂය සංකීර්ණ වී තිබෙන්නේ ක්‍රම ලේඛනය නිසාය .ක්‍රම ලේඛනය කිරීමට ඇසෙම්බලර් හෝ සී ජාවා පය්තන් වැනි උසස් භාෂාවක් ඉගෙනීම කල් ගත වන ක්‍රියාවකි .තවද ව්‍යුහගත ක්‍රමලේඛනය සහ වැරදි සෙවීම (ඩීබගින් ) නවකයෙකුට කරදර කාරී ක්‍රියාවකි .
නමුත් වාසනාවකට මෙවැනි ක්‍රම මග හැර ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ඔබගේ ප්‍රොජෙක්ට් එක නිම කරවා ගැනීමට මැට්රික්ස් මල්ටි මීඩියා නම් සමගම විසින් ගැලීම් සටහන් (ෆ්ලෝ චාර්ට් ) එකක් ආධාරයෙන් කෙලින්ම ඔබගේ කෝඩ් එක මයික්‍රෝකොන්ට්‍රෝලරයට ලබා ගත හැකි වැඩ සටහනක් ඉදිරි පත් කොට ඇත .මෙය ෆ්ලෝ කෝඩ් නම් වේ .මෙම මෘදුකාංගය මගින් පික් , ඒ .වී . ආර් ,ආර්ඩීනෝ ආදී ඕනෑම කොන්ට්රෝලරයකට වැඩ සටහන් නිර්මාණය කල හැකි වුවද අපි මෙහිදී සලකා බලන්නේ පික් කොන්ට්රෝලරක් සම්භන්දවයි.මෙම වැඩ සටහනේ අත් හදා බැලීමේ සංස්කරණයක් https://www.matrixtsl.com/flowcode/ මගින් ලබා ගත හැක .
සම්ප්රදායීක ක්‍රමලේඛනය හා ෆ්ලෝ කෝඩ් අතර සංසන්දය
|
|
|
|
|
|
|
|
|
|
ෆ්ලෝ කෝඩ් I.D.E එක හැඳින්වීම
ෆ්ලෝ කෝඩ් විවෘත කර ගත් විට ගැලීම් සටහනක ආරම්භය සහ අවසානය පමණක් දක්වන සංඛ්ත දෙකක් පමණක් ඇත. මෙහිදී ඔබෙග් අවශ්‍යතාවයට අනුව අතරමැදි කොටස් අයිකන් බාර් එකෙන් ඇඳ අවශ්‍ය තැනට අතහැරිය විට එම කොටස ඉබේම සම්පූර්ණ වේ .
නව ව්‍යාපෘතියක් විවෘත කර ගැනීම
ෆ්ලෝ කෝඩ් නව ව්‍යාපෘතියක් විවෘත කර ගත් පසු අපට අවශ්‍ය පික් එක තෝරා ගැනීම සඳහා රූපෙය්දැක්වන ආකාරයට CHIP > CONFIGURE හරහා ගොස් පහත රූපෙය් දැක්ෙවන ඩයෙලොග් බොක්ස් එක විවෘත කර ගන්න. එහිඇති ඩොප් ඩවුන් ෙමනු එෙකන් චිප් එක සිෙලක්ට් කරගත් පසු SWITCH TO EXPERT CONFIG SCREEN බොත්තම තද කිරීෙමන් PIC MICRO CONFIG එකලබාගන්න. ඉන්පසු රූපෙය් දැක්වන ආකාරයට එහි සටින්ග්ස් සාදා ගැනීම තුළින් ඔබට නිවැරදිව පික් එක වින්‍යාසගත කර ගැනීමට පුළුවන.
මහිදී ගැලීම් සටහන් ඇඳීමට අවශ්‍ය ඇත්ත් ICON TOOL BAR නම් කොටෙසේය. අපි ම්වා එකින් එක සලකා බලමු.
අවුට් පුට් බ්ලොක්
මයික්‍රෝකොන්ට්‍රෝලරය මගින් ඔබට අවශ්‍ය උපකරණයකට ප්‍රතිදානයක් ලබා දීමට මෙම අවුට් පුට් බ්ලොක් එක භාවිතා කරයි. මෙහිදී ඔබට අවශ්‍ය නම් පෝර්ට් එකේ තනි බිටුවලට ඔබට අවශ්‍ය පතිදාන ලබා ගත හැක. එසේ නැති නම් මුලූෙපෝර්ට් එකටම එකවර අවශ්‍ය අගයන් ලියා දැක්විය හැක. මෙය සිංගල් බිට් හෝ එන්ටය්ර් පොර්ට් මගින් තෝරාගත හැක. මීට අමතරව කමෙල්ඛණය හරහා ලැබුණු යම් යම් අගයන් වුවද විචල්‍යයකට ආද්ශ කර එය පෝර්ට් එක හරහාෙ පෙන්විය හැකි අතර එය වෙරියබල් ඕර් වැලිවූ යන්නෙන් වෙරියබල් සිලෙක්ට් කිරීම මගින් කර ගත හැක .
විචල්‍ය (වෙරියබල්)
ක්රමල්ඛණයක විවිධ කොටස් අතර දත්ත හුවමාරු කර ගැනීමට භාවිතා කරන මේවා විවිධ පමාණ වලින් යුක්ත වේ . ෆ්ලෝ කෝඩ් විවිධ විචල්‍ය වර්ග හතරකට සහය දක්වයි. ඒවා නම්
- 0 සිට 255 දක්වා සංඛ්‍යා සඳහා (BYTE)
- 32768 සිට +32768 දක්වා සංඛ්‍යා සඳහා (INTEGER)
- අකුරු සඳහා (CHAR)
- -1.5 x10 45 සිට 3.4 x 10 38 දක්වා සංඛ්‍යා සඳහා
ඔබගේ අවශ්‍යතාවයට අනුව ගැලීම් සටහනට විචල්‍ය එකතුකර ගැනීම සඳහා අවුට් පුට් බොක්ස් ක්ලික් කර ලැබන වින්ඩෝවෙන් වෙරියබල් ක්ලික් කර ඇඩ් නිව් වෙරියබල් යටතේ නමක් ලබා දීමෙන් විචල්‍යන් සාදාගත හැක
පතිදාන ලබා ගැනීම මෙන්ම මයිකෝ කන්ටොලරය් කියාකාරීත්වයට ප්‍ර දාන ලබා දීමද වැදගත් වේ . ඔබට අවශ්‍ය පරිදි ස්විච් හෝ වෙනත් සංවේදක වලින්ලබා දෙන ප්‍ර දාන ලැබීම හෝ නොලැබීම මත කමෙල්ඛණෙය් සිදු වන වෙනස් කම් වලට පතිචාර දැක්වීම සඳහා ඉන්පුට් බොක්ස් ලබා දී ඇති අතර මෙයටද තනි තනි බිටු මෙන්ම මුලූ පෝර්ට් එකම එකවර කියවිය හැකි අතර අවශ්‍ය විට එම අගය විචල්‍යක් වෙත භාර කිරීමටද පුලුවන.
DELAY
මයික්‍රෝ කන්ට්රෝලරය යන ඉතා වේගවත් උපකරණයකි. උදාහරණ වශයෙන් ඔබ මෙගා හර්ට්ස් හතරක ක්‍රිස්ටල් එකක් පාවිච්චි කලහොත් මයික්රෝකන්ට්රෝලරයේ දෝලකයේ ප්‍රතිදාන සංඛ්තය මෙගා හර්ට්ස් එකක් වේ මෙවීට වීධානයක් ක්‍රියාවට නැන්වීමට යන කාලය මයික්‍රෝ තත්පරයකි . එම නිසා ක්‍රමලේකන ක්‍රියාත්මක වන වීට යම් යම් කාල පමාවල ලබා ගැනමට අවශ්‍ය වේ මෙම ඩිලේ බ්ලොක් එකෙන් ඔබට අවශ්‍ය කාල පමාවල් ලබා ගත හැකි අතරඩිස්ප්ලේ නේම් වලින් එයට නමක් හා ඩිස්ප්ලේ වැලිව් වලින් අවශ්‍ය අගය ලබා දිය හැක .
DECISION BLOCK
සාමාන්‍ය ක්‍රමය යටතේ ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වන්නේ ප්‍රෝග්‍රෑම් කවුන් ටරය ඉහල දැමීමෙන් පිළිවෙලට වුවත් සමහර අවස්ථා වලදී කොන්දේසි සහිතව එය වෙනස් කිරීමට සිදුවේ. අප මෙවැනි අවස්ථාවන් කන්ඩිෂනල් ජම්ප් නමින් හදුන්වමු .මෙවැනි අවස්ථා සඳහා අප ඩිශිෂන් බ්ලොක් භාවීතා කරමු. යම් කොන්දේසියක් පරීක්ෂා කර බලා එය සංතෘප්තදැයි දැන ගැනීමට මෙය භාවිතා කරයි.උදාහරණයක් වශයෙන් ස්විචයක් තදවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සදහන් කල හැක
CONNECTION POINT
කොන්දේසි සහිතව සේම කොන්දේසි රහිත පැන්නුම්ද ක්‍රම ලේඛන වලදී උවමනා වෙයි.කනෙක්ශන් පොයින්ට් මගින් ක්‍රම ලේඛනයේ කොටස් දෙකක් ඔබගේ අවශ්‍ය තාවය පරිදි සම්භන්ද කල හැක .
LOOP
යම් ක්‍රම ලේඛනයේ ඛේත කොටස් අපට අවශ්‍ය පරිදී අවශ්‍ය වට ගනනක් ක්‍රියාත්මක කර ගැනීමට භාවීතා කරයි. මෙහිදී ලුප් කවූන්ට් තුල අපට අවශ්‍ය වට ගනන සඳහන කල යුතුය . තවද වයිල් වන් ලුප් එකක් නොනවතින ලුප් එකක් වශයෙන් භාවිතා කල හැක
COMPONENT MACRO
යම් ක්‍රම ලේඛනයේ ඛේත කොටස් කලින් සකස් කර කොම්පොනන්ට් මැක්රෝ ලෙසින් ලබාදී ඇත .ඔබගේ අවශ්‍ය තාවය පරිදි මේවා භාවිතා කල හැක .ඔබට ඉදිරියේදී මේවා විවිධාකාරයෙන් මුණ ගැසෙනු ඇත .
CALCULATION BOX
ක්‍රම ලේඛන තුලදී සිදු කිරීමට අවශ්‍ය විවිධ ගණිත කර්ම සිදු කරන්නේ මේවා තුලය
SIMULATION
අප විසින් ගොඩ නගා ගත් ප්‍රොජෙක්ට් එකක් මයික්‍රෝ කන්ට්රෝලරයට ෆ්ලෑෂ් කල විට එම කේතයේ තිබිය හැකි යම් දෝෂයක් හේතුවෙන් මයික්‍රෝ කන්ට්රෝලරය දැවී යාමේ අවදානමක් පැවතිය හැක .එක නිසා මයික්‍රෝ කන්ට්රෝලරයට ෆ්ලෑෂ් කිරීමට ප්‍රථම සිමියුලේට් කර බැලීමේ හැකියාවක් මෙම වැඩ සටහන වෙතින් ඔබට ලබා දී තිබේ
මයික්‍රෝ කන්ට්රෝලරයට ෆ්ලෑෂ් කිරීම
සිමියුලේට් කර බලා ප්‍රොජෙක්ට් එක සාර්ථකව ක්‍රියා කරයි නම් කම්පයිල් ටු චිප් හෝ කම්පයිල් ටු හෙක්ස් යන ආකාර දෙකෙන් එකකට ප්‍රොජෙක්ට් එක කම්පයිල් කරන්න .සාර්ථකව කම්පයිල් වී නම් මෙවැනි පණිවිඩයක් ලැබෙනු ඇත .මෙයින් ලැබෙන හෙක්ස් ෆයිල් එක ඔබගේ මයික්‍රෝ කන්ට්රෝලරය ෆ්ලෑෂ් කිරීම සදහා යොදා ගත හැක .
Comments
Post a Comment