arduino analog write


ඇනලොග් රයිට් (analogWrite)

ඔබ මෙපමණ වෙලා කල සියලුම ප්‍රොජෙක්ට් තුලින් ඔබ සිදු කලේ ආර්ඩීනෝ එක හරහා ඩිජිටල්අවුට් පුට් එකක් ලබා ගැනීමයි.මී ලගට ආර්ඩීනෝ එකෙන් ඇනලොග් අවුට් පුට් එකක් එකක් ලබා ගන්නේ කෙසේදැයි සලකා බලමු .

ඩිජිටල් අවුට් පුට් එකක් මගින් නිරූපනය කල හැක්කේ විදුලිය ඇති නැති බව පමණි.නමුත් ඇනලොග් අවුට් පුට් එකක් එකක් හරහා විදුලිය වෝල්ට් බින්දුවේ සිට පහ දක්වා ඉතා සුමටව වැඩි කර ගත හැකි නිසා එල් ඊ ඩී බල්බ වල දීප්තිය පාලනය කිරීමට , මෝටර් වල වේගය පාලනය කිරීම ආදී කටයුතු සදහා මෙම ෆන්ෂන් එක යොද ගත හැක . ආර්ඩීනෝ උනෝ බෝර්ඩ් එකේ මේ සදහා යොදා ගත හැක්කේ තුන ,පහ ,හය ,නවය ,දහය සහ එකොළහ යන අග්‍ර පමණි . මෙහිදී වරහන් තුල අවශ්‍ය අග්‍රය සහ අගය ( බින්දුවේ සිට දෙසිය පනස් පහ දක්වා ) සදහන් කල යුතුය
  analogWrite(pin, value)

const int LED=9; //define LED for Pin 9
void setup()
{
pinMode (LED, OUTPUT); //Set the LED pin as an output
}
void loop()
{
for (int i=0; i<256; i++)
{
analogWrite(LED, i);
delay(10);
}
for (int i=255; i>=0; i--)
{
analogWrite(LED, i);
delay(10);
}
}


Comments

Popular posts from this blog

plc tutorial sinhala

pic assembler eeprom

microc for pic